ඉන්දීය රජය පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් බවට පත්කරයි


භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශිත භාෂාවක් වූයේ පාලි භාෂාව බැවින් එම දහමේ නිවැරදිම අරුත දැනගත හැකි වනුයේ පාලි භාෂාව දැන ගැනීමෙනි.මක්නිසාද යත් බුද්ධ භාෂිතය දැනගත හැක්කේ පාලි ත්‍රිපිටකය පරිශීලනය කිරීමෙන් පමණි.

බුද්ධ භාෂිතයේ නියම නිරුක්තිය එනුයේ පාලි භාෂාවෙන් පැවසීමෙනි.ත්‍රිපිටකය පාලි බසින් ගෙනහැර අන් බසකින් පැවසීම බව පැවසේ.

ඉහත කරුණු ඇසුරු කරගෙන ඉන්දීය රජය විසින් පසුගියදා සුවිශේෂී තීරණයකට එළඹ තිබේ.පසුගියදා රැස්වූ ඉන්දීය කැබිනට්ටුව බෞද්ධ සමාජයට වැදගත් මෙම තීරණය ගෙන තිබෙනවා.මෙම සුවිශේෂී තීරණය අනුව ඉන්දියාව විසින් ලෝකයට ලබා දෙන විශිෂ්ටමකම දායකත්වය වන බෞද්ධ දර්ශනය අනාගතයට සුරැකීම මෙය මහඟු දායාදයක් වනු නිසැකය තවද මෙය සමරමින් ලෝක බෞද්ධ සංගමය වන I.B.C මගින් අද දින අභිධර්ම දිනය ලෙස නම් කර තිබේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට ගොස් මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේට පාලි බසින් අභිධර්මය දේශනා කර ඉන්පසු පැමිණ සැරියුත් තිබෙනුයේද පාලි භාෂාවෙනි අභිධර්මය පවා රචනා කර තිබෙනුයේ පාලි බසිනි මෙම නිසා අද දින මුළු මහත් ලෝකයටම වැදගත් දිනයක් වන බැව් නිසැකය ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍රමෝදිමහතාගේ සහභාගිත්වය බෞද්ධ විද්වතුන්ටද IBC හෙවත් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය මගින් මෙම අභිධර්මය දිනය සැමරීම සිදු කරනු ලබයි