දකුණු අප්‍රිකාවට ආඩම්බරයක් ගෙන ආ Mia Le Roux

2024 වසරේ දකුණු අප්‍රිකානු රූ රැජින ලෙස ශ්‍රවණාබාධ සහිත තරුණියක් කිරුළු දරා තිබෙනවා.

 Mia Le Roux සිය ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, තමන් මෙන් සමාජයෙන් කොන් වී ඇතැයි හැඟෙන අයට මෙම ජයග්‍රහණය බලාපොරොත්තුවක් ගෙන එනු ඇති බවයි.

එමෙන්ම විවිධ අවශ්‍යතා ඇති පිරිස් සඳහා මෙන්ම මූල්‍යමය අපහසුතා ඇති පිරිස් සඳහා තමාට උපකාර කිරීමට අවැසි බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
28 හැවිරිදි මියා හට වයස අවුරුද්දක් පමණ වන විට ප්‍රබල ශ්‍රවණාබාධයක් ඇති බව හඳුනාගෙන ඇති අතර ඇයට ශබ්ද ඇසීමට උපකාර වන ශ්‍රවණ උපකරණයක් ද බද්ධ කර තිබෙනවා.

එමෙන්ම ඇයට කථනය සඳහා ද වසර දෙකක කාලයක් පමණ වෙහෙසීමට සිදු වූ බවයි ඇය පවසන්නේ.