අම්බානි පුතුගේ සංගීත් උත්සවයට පැමිණි ජස්ටින් බීබර්

අනන්ත් අම්බානි - රාධිකා මර්චන්ට් යුවළගෙ විවාහ මංගල්‍යයට තවත් ඉතිරිව ඇත්තේ සීමිත දින ගණනක්.එනම් එළඹෙන 12 වැනිදා මේ කෝටිපති විවාහ මංගල උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් වෙනවා.

ඒ අනුව අනන්ත් - රාධිකා දෙදෙනාගේ විවාහ මංගල්‍යයට පෙර පැවති සංගීත් උත්සවයට ලෝක ප්‍රකට ගායක ජස්ටින් බීබර්ගේ පැමිණීම සුවිශේෂී වෙනවා.

එහි ඡායාරූප රැසක් මේ වන විටත් අන්තර්ජාලයේ හුවමාරු වන අතර මොහුට අමතරව පෙර සැමරුම්වලට මෙන්ම බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, එම්.එස්. දෝනි සහ තවත් අමුත්තන් කිහිප දෙනෙකු එක්වූ බව සඳහන් වෙනවා.