Air Ceilao ගුවන් සේවය ඇරඹීමට පියවර

මෙරට ව්‍යාපාරිකයෙක් විසින් Air Ceilao නමින් තවත් ගුවන්සේවයක් ආරම්භ කරන්නට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා .


මූලික අදියරේදී මැදපෙරදිග සහ ආසියානුකරයේත් ඉන් අනතුරුව යුරෝපයටත් ගුවන් ගමන් ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණයි.


බෝයිං ගුවන්යානා මිලදී ගැනීමට ඔවුන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ගුවන්සමාගම ස්ථාපනය කිරීමට අදාළ කටයුතු සිවිල් ගුවන්සේවා අධිකාාරිය සමග එක්ව සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.


මෙමගින් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අභියෝගයක් එල්ලවනු ඇති බවද ගුවන්සේවා ආරංචි මාර්ග පවසනවා.