අතිපූජ්‍ය රත්මලේ පුඤඤරතන නාහිමියන් වහන්සේට මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමාඥ මහා නිකාය මගින් ගෞරව සම්මානයක්.

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමාඥ මහා නිකාය මගින් ශාසන කීර්ති ශ්‍රී ලෝකාත්තචාරි සංඝ ශෝභන යන ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබීමට ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක,ජොහැන්ගුටෙන්බර්ග් සරසවියේ කථිකාචාර්ය ආචාර්ය අතිපූජ්‍ය රත්මලේ පුඤඤරතන නාහිමියන් සමත් වුණා.
සමස්ත භික්ෂු ශාසනයම ශෝභමත් කරමින් දෙස් විදෙස්සේ උන්වහන්සේ සිදු කරන්නා වූ සේවාව අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් උන්වහන්සේ වෙත මෙම ගෞරව සම්මානය ලබාදෙනු ලැබුවා.