ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා ගෙන ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඔහු කියා සිටියේ පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි.

එහිදී ආයෝජන ව්‍යාපෘති තිස්පහකට සාකච්ඡා අවසන් කර ගිවිසුම් අත්සන් තබා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.