Mrs. Royal Global Queen කිරුළ ලංකාවේ කාංචනා හෙට්ටිආරච්චිට

ඉන්දියාවේ මුම්බායිහි පැවති, Miss & Mrs Royal Global Queen - 2024  තරගාවලියේ Mrs. Royal Global Queen ලෙස කිරුළු දැරීමට ලංකාව නියෝජනය කළ කාංචනා හෙට්ටිආරච්චි සමත් වී තිබෙනවා.

එම තරගාවලියේ සම්මාන දෙකක් ම තමන් සතු කරගැනීමට ඇය සමත්කම් දක්වා තිබුණා.

Miss & Mrs Royal Global Queen යනු ලොව පුරා සිටින නිරූපණ ක්ෂේත්‍රයේ දක්ෂයින් අගයන ජාත්‍යන්තර වේදිකාවක්. 

දක්ෂතාවය, සුන්දරත්වය නිර්වචනය කරන වේදිකාවක් වන එය සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් නියෝජනය කරන්නක් ලෙස වඩාත් ප්‍රකටය.