ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දින උත්සවය තුර්කියේදී

මෙවර ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දින උත්සවය තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති ඌරුගොඩවත්ත මහත්මියගේ ප්‍රධානත්යෙන් හා සංවිධානයෙන් අංකාරා අගනුවරදී අතිශය උත්කර්ෂවත්ව සිදුකෙරුණා.

ඒ උත්සව අවස්ථාවට බෞද්ධ සම්ප්‍රදාය නියෝජනය කිරීමට අමෙරිකාවේ Sacremento බෞද්ධ විහාරයේ ප්‍රධාන හා කැලිෆෝර්නියා සරසවියේ හිටපු මහාචාර්ය පූජ්‍ය මඩවල සීලවිමල මාහිමියන්ට හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ප්‍රධාන හා ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ට ආරාධනා ලැබී තිබුණා.

තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ තුර්කි ජාතික ගෞරවාන්විත උපදේශක වරුන් හා ශ්‍රී ලාංකික හිතවතුන් සහභාගී වූ මෙම සම්භාවනීය අවස්ථාවට බෞද්ධ කතෝලික,හිංදු හා ඉස්ලාම් ආගමික නායකත්වය අන්තර් ආගමික ආශිර්වාද සිදු කළ අතර, චාරිත්‍රානුකුලව පොල්තෙල් පහන් දල්වා මිනිත්තු දෙකක ගෞරවාන්විත නිශ්ශබ්දතාවයකින් නිදහසේ ආදිපුරුෂයන් කෘතවේදීව අනුස්මරණය කළ අතර තානාපතිනිය හා නිලධාරිනියන් දෙදෙනෙක් ගරු ජනාධිපතිවරයාගේ අගමැතිනියගේ හා විදේශ ඇමැතිවරයාගේ පණිවුඩයන් සිංහළ, දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් කියවනු ලැබුවා.

උත්සවය මෙහෙයවීම තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශිකා නිලුෂා දිල්මිණි මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.