රුව රැකගන්න අසුචී තැවරූ ඩෙබොරා

31 හැවිරිදි බ්‍රසීලියානු නිරූපිකා ඩෙබොරා පීක්සෝටෝ රුව රැකගැනීමේ අරමුණින් අසූචි තවරා තිබෙනවා. ඇය මේ බව සදහන් කළේ සමාජ ජාලා මාධ්‍යයේ වීඩියෝවක් ද බෙදාගනිමින්.

මීට ඉහතදීත් ඩෙබොරා පිළිබද මේ හා සමාන සිදුවීමක් වාර්තා වූ අතර මෙවර වීඩියෝවක් එක් කරමින් ඇය පවසා තිබුණෙ, 'වයසට යාම වැළැක්වීම' සඳහා ඇය මෙම මුහුණු ආවරණය භාවිතා කළ බවයි.

“මගේ ජීවිතේ මම කරපු පිස්සුම වැඩේ.

මම ඒ ගැන අධ්‍යයනයක් දැකලා ඒක අත්හදා බලන්න තීරණය කළා ! එය මට වැඩ කළා.

මගේ සම රැළි වැටීම නැවැත්තුවා...''

ඔන්න ඔහොමයි ඩෙබොරා තමන්ගෙ මේ රුව රකින ක්‍රමවේදය ගැන කාටත් කියලා තිබුණෙ.

මේ සම්බන්දව වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සොෆී පෙන්වා දී තිබුණේ, මෙම චර්යාව තුළින් බරපතල වෛරස් ආසාදනයන් ඇති වීමට වැඩි ඉඩක් ඇති අතරම දරුණු සමේ ආසාදන සේ ම පද්ධතිමය රෝගවලට ද මේ ක්‍රියාව තුඩු දිය හැකි බවයි.

''ශරීරයෙන් බැහැර කළ යුතු අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය ද මළපහවල අඩංගුයි.

මෙම ද්‍රව්‍ය හානිකර වන අතර සමේ දැවිල්ල සහ බරපතල අසාත්මිකතා ඇති කළ හැක...'

ඉතින් ලස්සන වෙන්න කියලා දකින දකින දේවල් කරන්න යන්න ඉස්සර, ටිකක් හිතලා බලන්න කියලයි ඩෙබොරාගේ කතාව කාටත් කියන්නෙ....