ගාසා යුද්ධයට වසරක් ගත වනදා ඊශ්‍රායලයෙන් තවත් ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදා ඊයේ දිනය තුළ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 77 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊශ්‍රායලය මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇත්තේ හමාස් සටන්කාමීන් විසින් දිගු සටන්කාමී යුද්ධයක් අඛණ්ඩව සිදුකරන බවට ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.

ඊශ්‍රායලය සහ හමාස් සන්විධානය ප්‍රමුඛ පලස්තීන සටන්කාමීන් අතර මේ වන විට පවතින සන්නද්ධ ගැටුම ආරම්භ වුණේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 07 වනදායි.

ගෙවීගිය වසරක කාලසීමාව තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 41,900ක් පමණ මියගොස් ඇති අතර 97,300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

මේ වන විට වසරක් ගතවී ඇති යුද ගැටුම 2008 වසරෙන් පසු ගාසා - ඊශ්‍රායල් අර්බුදයේ පස්වන යුද ගැටුම වනවා.