කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ගමන අවසන්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ගමන ඊයේ අවසන් වුණා.

ඒ ඉන්දියාව හමුවේ ලැබූ දැවැන්ත පරාජයත් සමගින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 173ක් රැස් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.