ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගෙන් ලෙබනන වැසියන්ට තර්ජනයක්

හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානීන් ඇතුළු විවිධ ස්ථාන ඉලක්ක කරගෙන ඊශ්‍රායලය අඛණ්ඩව ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර එල්ලකරමින් සිටිනවා.

එවන් පසුබිමක පණිවුඩයක් නිකුත් කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හිස්බුල්ලා සාමාජිකයින් ආරක්ෂා කිරීමෙන් වළකින ලෙස ලෙබනන සිවිල් ජනතාවට දන්වා සිටියා.

එහිදී ඔහු තර්ජනාත්මකව පවසා තිබුණේ, එසේ නොවුණහොත් ලෙබනනය තවත් ගාසා තීරයක් වීමේ ඉඩක් පවතින බවයි.

එමෙන්ම ලෙබනනය වෙත තවත් ගොඩබිම් හමුදා යොමුකර, මෙහෙයුම් පුළුල් කරන බවද අගමැතිවරයා වැඩිදුරටත් අනාවරණ කළා.

මේ අතර හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකයා වීමට නියමිතව සිටි හෂීම් ෂෆායිඩීන් ඝාතනය කළ බව අගමැති නෙතන්යාහු පවසනවා.

කෙසේ නමුත් හිස්බුල්ලා සංවිධානය තවමත් නිසි ආකාරව මේ පිලිබඳ තොරතුරු තහවුරු කරගෙන නැහැ.