26 දෙනෙකුට මරු කැඳවමින් ගාසා තීරයේ දේවස්ථානයකට දැවැන්ත ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 26දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ.

අවතැන් වූවන් රඳවා සිටි දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.
ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය පුරෝකථනය කර ඇත්තේ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවටයි.

ඊශ්‍රායල හමුදාව බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ප්‍රහාර රැල්ලක් මුදා හැර තිබෙනවා.

ලෙබනන් අගනුවර අහස ගිනිදැල් සමඟ දැවැන්ත පිපිරීම් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.