ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ ඉදිරියෙන්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් ව තිබෙනවා.

ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 08ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.