රතන් ටාටා දිවි ගමන නිමා කරයි

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86ක්.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබුණු අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබුණා.