නාමයෝජනා භාර ගැනීම අවසන්

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන් වනවා.

අද දහවල් 12ට එම කටයුතු සිදු කිරීමෙන් පසු පස්වරු 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ජාතික ලැයිස්තුව සදහා අපේක්ෂකයන් නම් කිරීමේදී සියලු ජන කොටස් නියෝජනය වන පරිදි ජාතික ජන සංඛ්‍යා අනුපාතයට අනුකූලවන ලෙස නියෝජිතයන් නම් කරන ලෙසයි.