INTERNATIONAL NEWS
-
2024-11-17 10:31 am
-
2024-11-07 10:37 am
-
2024-11-07 10:20 am
-
2024-11-06 2:39 pm
-
2024-11-04 3:21 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
සිසුන්ගේ සිහින සැබෑ කිරීමට කැපවෙනවා - මුහම්මද් යුනුස් කියයි
August 13, 2024 - 11:45 AM
බංග්ලාදේශයේ නව නායකයා ලෙස තේරී පත්වූ මුහම්මද් යුනුස් තමන් එරට සිසුන්ගේ සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් කැපවන බව සඳහන් කර තිබෙනවා.
මෙය ඔහුගේ විප්ලවය හෝ සිහිනය නොවුණත් 84 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය යුනුස් අගමැතිනි ෂීක් හසීනාගේ හදිසි ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ බල රික්තයට ඇතුළු වී නව අන්තර්වාර රජයට නායකත්වය දීමට එකඟ වුණා.
ඒ බංගලාදේශ විශ්ව විද්‍යාල සිසුන් ඔහුගේම නායකත්වය අවශ්‍ය බව තීරණය කර තිබූ පසුබිමකයි. එම ආරධනාව වහාම පිළිගත් ඔහු රටේ තරුණයින්ට අවශ්‍ය දේ කිරීමට තමන් කටයුතු කරන බවයි අවධාරණය කර ඇත්තේ.
ඒ ජමුනා රාජ්‍ය මන්දිරයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී තෝරාගත් මාධ්‍යවේදීන් සඳහා වූ පෞද්ගලික සාකච්ඡාවකදීයි.
මාස ගනනාවක් තිස්සේ ශිෂ්‍යයින් විසින් මෙහෙයවන ලද විරෝධතා නිසා එරට ආණ්ඩුව බිඳ වැටුණු අතර, මහාචාර්ය යුනුස් පසුගිය බ්‍රහස්පතින්දා දිවුරුම් දුන්නේ නව රජයක් පිහිටිවීම සඳහායි.
වඩාත්ම වැදගත් වන්නේ රටේ ආරක්ෂක තත්ත්වය බවත් එය නැවත ඉතා ඉක්මනින් ස්ථාපිත කළ යුතු බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
400 කට වැඩි පිරිසක් මිය ගිය ප්‍රචණ්ඩත්වයෙන් පසුව බංග්ලාදේශ පොලීසිය අතුරුදන් වී ඇති අතර, සිසුන් පොලිස් ස්ථාන විශාල සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කර තිබෙනවා.
ඒ සමගම එරට පොලිස් සංගමය වර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, රථවාහන මෙහෙයවීම සිසුන් විසින් කරනු ලබනවා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm