ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ විසා පරක්කු වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් වීසා ප්‍රමාදයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවකු වන කමිඳු මෙන්ඩිස් ඊයේ වන විටත් වීසා බලපත්‍රය බලාපොරොත්තුවෙන් සිටින බවද සදහන්.

මෙම සංචිතය ඊට පෙර දින එක්සත් රාජධානියට පැමිණි නමුත් මෙන්ඩිස් සහ දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ පැමිණ තිබුණේ නැත.

සංචිතයට ප්‍රමාද වී එකතු වූ වැන්ඩර්සේගේ වීසා අයදුම්පත ප්‍රමාද වී ඉදිරිපත් කිරීම ඔහුගේ වීසා ප්‍රමාදයට හේතු වී තිබුණා.