ඊශ්‍රායලය ප්‍රහාරයකට මුහුණදීමට සැරසෙයි

ඉරානය ඊශ්‍රායලය ට විශාල හමුදා ප්‍රහාරයක් සඳහා සැරසෙමින් සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝආව් ගැලන්ට් අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට දැනුම් දී තිබෙනවා.

ඔහු ඒ බව දැනුම්දී දී ඇත්තේ දුරකථන ඇමතුමකින් බව විදෙස් මාධ්‍ය පවසනවා.

එහිදී ඉරානය ප්‍රහාරයකට මුහුණදීම සඳහා ඊශ්‍රායල හමුදාවේ සූදානම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබුණා.