බංග්ලාදේශ මාධ්‍ය ආයතන වෙත රතු එළියක්

බංග්ලාදේශයේ අලුතෙන් පිහිටුවන ලද අන්තර්වාර රජය එරට මාධ්‍ය වෙත දැඩි අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

කිසියම් අසත්‍ය හෝ නොමග යවන සුළු ප්‍රවෘත්තියක් පල කලහොත් හෝ විකාශය කළහොත් එම මාධ්‍ය ආයතන වසා දමන බව අන්තර්වාර රජය එලෙස අනතුරු අගවා තිබුණා.

රටක් පිරිහෙන්නේ මාධ්‍ය අවංකව වාර්තා කිරීමට අපොහොසත් වූ විට බව එරට ස්වදේශ කටයුතු උපදේශක ජනරාල් සකාවත් හොසේන් පවසනවා.

ඉන්දියාවේ ඇසෑම් පොලිසිය විසින් ඉන්දීය - බංග්ලාදේශ දේශසීමාවේ ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ, බංග්ලාදේශයේ කිසිදු වැසියෙකුට ඉන්දියාවට ඇතුල් වීම වැලැක්වීම සඳහා බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර ඉන්දු සහ අනෙකුත් සුළු ප්‍රජාවන්ගේ ආරක්ෂාව සඳහා කඩිනම් පියවර ගන්නැයි ඉල්ලා අන්තර්වාර රජයේ ප්‍රධානියා වන නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් යුනුස් වෙත කරුණු 08කින් යුත් ඉල්ලිම් ප්‍රඥප්තියක් ඉදිරිපත් කර තිබෙනවා.

බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරවලට මුවාවී තමන් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාරවලට එරෙහිව එරට සුළුතර හින්දු ප්‍රජාව දැවැන්ත විරෝධතාවක් ද ආරම්භ කළා.

මිලියන 170ක් වන බංග්ලාදේශ ජන ගහණයෙන් සියයට 08ක් හින්දු ප්‍රජාව වන බව විදෙස් මාධ්‍ය පැවසුවා.