චීනය වෙනුවෙන් ඔත්තු බැලූ අමෙරිකානුවෙකුට වසර 25 ක සිරදඩුවමක්

චීන සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසියෙකු වන ෂුජුන් වැන්ග් නමැත්තාට වසර 25 දක්වා සිර දඬුවම් නියම වූ බව අමෙරිකානු මහජන කටයුතු පිළිබඳ කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ චීනය වෙනුවෙන් අමෙරිකාවේදී ඔත්තු බැලීමේ චෝදනාවටයි.

කෙසේ වෙතත්, මහජන කටයුතු පිළිබඳ කාර්යාලය විසින් කරන ලද අධිචෝදනා පත්‍රයකින් ඔහු එක්සත් ජනපද නීතිපතිවරයාට පූර්ව දැනුම් දීමකින් තොරව විදේශ රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කිරීම සහ කුමන්ත්‍රණය කිරීම, අනන්‍යතාවය සාපරාධී ලෙස භාවිතා කිරීම සහ එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කිරීමට අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම යන චෝදනා මත ඔහු වැරදිකරු විය.