මැතිවරණ පැමිණිලි 157ක්

ජනාධිපතිවරණයට අදාළව පසුගිය ජූලි 31 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ පැමිණිලි 157ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ ප්‍රචණ්ඩ ක්‍රියා නීති උල්ලංඝනය කිරීම් ඇතුළු පැමිණිලි සඳහායි.

ඒ අනුව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම සඳහා වන අතර ඉන් පැමිණිලි 102ක්ම ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සෙසු පැමිණිලි 52 දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.

මේ දක්වා එක් ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළ පැමිණිල්ලක් ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.