නයිස් නගරයේ ගින්නක්

දකුණු ප්‍රංශයේ නයිස් නගරයේ බ්‍රහස්පතින්දා අලුයම ඇති වූ ගින්නකින් කුඩා දරුවන් තිදෙනෙකු සහ යෞවනයෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නගරයේ ගුවන් තොටුපළට ආසන්න නයිස් හි මවුලින්ස් ප්‍රදේශයේ මහල් නිවාසයක ඉහළ මහලේ මෙම ගින්න ඇතිවූ බව සඳහන්.

නයිස් නගරාධිපතිවරයා පවසා ඇත්තේ, රාත්‍රියේදී හිස් වැසුම් පැළඳ පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් පඩිපෙළකට පෙට්‍රල් වත් කිරීමෙන් අනතුරුව මෙම ගින්න හටගෙන ඇති බව පැහැදිළිව පෙන්වන ඡායාරූප ඔවුන් සතුව ඇති බවයි.

ඒ අනුව නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

කුඩා ළමුන් තිදෙනෙකුට ද දිවි අහිමි කළ මෙම බිහිසුණු ඛේදවාචකය පිළිබඳව තරාතිරම නොබලා කටයුතු කරන බවයි ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin  අවදාරනය කරන්නේ.