පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදන්

උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් ගිය පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදන්වී තිබෙනවා.

තලවකැලේ පොලිස් වසමට අයත් වතුයායක පදිංචි අවුරුදු 16ත් 14ත් අතර වයස්වල පසුවන මොවුන් ඉකුත් 14වනදා සිට අතුරුදන් වී ඇති බව වාර්තා වෙනවා.

පාසල් නිමවී නිවසට එම දරුවන් සිව්දෙනා නැවතත් නිවසින් පිටව ගොස් ඇත්තේ බාහිර පන්තියකට සහභාගී වන බව නිවැසියන්ට පවසමින්.

එසේ පිටව ගිය දරුවන් යළි නිවසට නොපැමිණීම නිසා එම දරුවන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අතුරුදන් වී ඇති සිසුවියන් තිදෙනා සහ සිසුවා ඥාති සහෝදර සහෝදරියන්.

මෙසේ අතුරුදන් වී ඇත්තේ 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවියන් තිදෙනෙකු සහ 09වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙක් .

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.