ජොන්ස්ටන්ට නොකියා බන්දුල පාලම විවෘත කරයි

හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගියදා විවෘත කළා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් හංගේරියානු රජය සමග සාකච්ඡා කර මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරවාගෙන ගුවන් පාලමේ වැඩ ආරම්භ කර තිබෙනවා.

එහෙත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හට මෙය විවෘත කිරීමට ආරාධනා කර නොමැති බව වාර්තා වනවා.

මීට පෙර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කළ කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවටද ඔහුට ආරාධනා කර නොමැති බවයි වාර්තා වන්නේ.