බංග්ලාදේශයේ ගැටුම්

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර එසේම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමට ද පියවෙර ගෙන තිබුණා.

නිදහස් සටන සඳහා එක් වූ පවුල්වල දරුවන් සඳහා රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් සිසු විරෝධතා පැවැත්වෙනවා.

ඇති වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා 6දෙනෙක් මියගොස් විශාල ගණනක් තුවාල ලබා තිබෙනවා.