උද්ඝෝෂණ තහනම්

නැවත දැනුම්දෙන තුරු කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි උද්ඝෝෂණ තහනම් කිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි උද්ඝෝෂකයින් අතරට රිංගා කලහකාරී තත්ත්වයන් නිර්මාණය කරන බවට තොරතුරු ලැබී ඇති බව එරට බලධාරීන් පවසනවා.

එරට බදු වැඩිකිරීමට රජය ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් එරට තරුණ පිරිස් විරෝධතා ආරම්භ කළ අතර ඒ අතරතුර මේ දක්වා 50දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.

එම යෝජනාව ජනපති විලියම් රූටෝ විසින් ඉල්ලා අස්කරගත් අතර ඔහු අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් ද ඉවත් කළා.

එහෙත් විරෝධතා නොනවත්වා පැවැත්වෙන බව වාර්තා වෙනවා.