INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
පැය 42 ක් රෝහල් සෝපානයේ සිරවෙලා
July 18, 2024 - 12:35 PM

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයෙකු පැය 42 ක් ආහාර හෝ ජලය නොමැතිව රෝහල් සෝපානයක සිරවී තිබෙනවා.
59 හැවිරිදි රවීන්ද්‍රන් නායර් නම් මෙම පුද්ගලයා සෙනසුරාදා දහවල් වෛද්‍යවරයකු හමුවීමට යාමට රෝහල් සෝපානයට ඇතුළු වී තිබෙනවා.
පසුව ඔහු සඳුදා උදෑසන වනතුරුම සෝපාන ක්‍රියාකරුවෙකු ඔහුව සොයා ගන්නා තෙක් එහි සිරවී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.
ඔහු මේ වන විට රෝහල්ගතව සිටින අතර විජලනය සහ කොන්දේ අමාරුව සඳහා ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඔහු සෝපානයේ සිරවී ඇති බව අවබෝධ වූ පසු සෝපානයේ ලැයිස්තුගත කර ඇති හදිසි ඇමතුම් අංකයට ඇමතීමට උත්සාහ කළ නමුත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසා තිබෙනවා.
ඉන් අනතුරුව එම රෝහලේම සේවය කරන තම බිරිඳව සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත්තත් එයත් ව්‍යර්ත වී තිබෙනවා.
ඔහු කලබල වී සෝපානයේ දොරවල්වලට තට්ටු කර යමෙක් තමා වෙතට ගෙන්වා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ දුරකථනය බිම වැටී ක්‍රියා කිරීම ඇණහිට තිබෙනවා.
අනතුරුව ඔහු සෝපානයේ එක් කොණක් නිදා ගැනීම සඳහාත්, තවත් කොණක් මලපහ කිරීමටත් භාවිත කල බවයි පවසා ඇත්තේ.
ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහු රැකියාවේ නිරතව ඇති බව මුළදී සිතා සිටියත් ඔහු නිවසට නොපැමිණි නිසා පොලීසිය දැනුවත් කර තිබෙනවා.
ඉන් අනතුරුවයි ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වී ඇත්තේ.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm