පාන් බනිස් අඩු කරන්නේ නෑ

විදුලි ගාස්තුව අඩු කිරීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ ජයවර්ධන මහතා පවසනවා.

විදුලි ගාස්තු,ඉන්ධන ගාස්තු,ගෑස් මිළ ගණන් ඉහළ ගියද බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදැමූ බවද ඔහු සඳහන් කළා.

බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන පිටි,සීනි,බිත්තර සහ මාගරින් මිල ගණන් අඩු කළහොත් බේකරි නිෂ්පාදන මිල අඩුකරන බව වැඩිදුරටත් පෙන්වා දුන්නා.