අවසන් පූර්ව වටයේ පළමු තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Play Off වටය අදින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාර්වලස් කණ්ඩායම් අතරයි.

එහි දී යාපනය කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර ගාලු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, නිරෝෂන් දික්වැල්ල විසින්.

මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ගෝල් මර්වලස් කණ්ඩායම ප්‍රථම ස්ථානයේ පසු වූ අතර එහි දෙවන ස්ථානයේ සිටියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඍජුව ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර පරාජිත කණ්ඩායම දෙවන Play Off තරගයේ දී Eliminator තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ දෙවන Play Off තරගයේ දී එකිනෙකා හමුවනු ඇති.

මෙම තරග පැවැත්වෙන්නේ, කොළඹ ආර්.‌ ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩංගණයේ දීයි.