චීන සාප්පු සංකීරණයක් ඇවිළෙයි.

චීනයේ සිචුවාන් පළාතේ සිගොං නගරයේ මහල් 14 කින් යුත් සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ගින්නට හසුවූ පුද්ගලයින් තිස් දෙනෙකු බේරා ගෙන ඇති අතර, මේ වන විට ගින්න නිවා දමා, ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බව සඳහන්.

ගින්නට නිශ්චිත හේතුව තවමත් අපැහැදිලි වුවත්, මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, ගොඩනැගිල්ලේ කළ ඉදිකිරීම් කටයුත්තක් නිසා මෙම ගින්න ආරම්භ වී ඇති බවයි.

චීනයේ රාජ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් විකාශනය කරන ලද දර්ශන මගින් මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලට ඉහලින් ඝන කළු දුමාරයක් ගින්න සමගම පැතිරී යන ආකාරය දක්නට ලැබුණා.