INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
නිමල් සිරිපාල ද සිල්වාට සිතාසි
July 17, 2024 - 1:04 PM

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (16) දින සිතාසි නිකුත් කරණු ලැබුවා.
ඒ,එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ 10, ටී.බී ජයා මාවතේ, අංක 301/1 දරණ ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම වළක්වමින් ඉබි යතුරු දමා අගුළු දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් ගොනුකරන ලද පුද්ගලික නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
පසුගිය ජූලි 05 වැනි දින අදාළ ගොඩනැගිල්ලට ආරක්ෂාව සදහා යොදා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම දේපළ තුළ සිටියදීම ඊට ඉබි යතුරු දමා අගුළු දැමීමට විත්තිකරු විසින් කටයුතු කර ඇති බවත් එම පැමිණිල්ලෙහි සදහන් වෙනවා.
විත්තිකරු වන නිමල් සිරිපාල ද සිල්වා විසින් පැමිණිලිකාර පාර්ශවයට දණ්ඩනීති සංග්‍රහයේ 332, 343 සහ 409 වගන්ති වලින් දඩුවම් ලැබිය යුතු ,එකී දණ්ඩ නීති සංග්‍රහයට 330, 341 සහ 408 වගන්ති වලින් විස්තර කරනු ලබන අයුතු අවහිරය , සාපරාධී බලහත්කාරය පෑම සහ අනර්ථය යන වරදවල් සිදු කර ඇති බවත් තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය විසින් මෙහිදී නඩු අංක 46199/01/24 යටතේ අධිකරණයට දක්වා තිබෙනවා.
ඒ අනුව 2024 ජූලි 19 වැනි සිකුරාදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (16) සිතාසි නිකුත් කරනු ලැබුවා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm