INTERNATIONAL NEWS
-
2024-10-26 10:04 am
-
2024-10-26 9:51 am
-
2024-10-25 12:53 pm
-
2024-10-25 10:51 am
-
2024-10-25 10:44 am
SPORTS NEWS
2024-10-27 11:57 am
-
2024-10-27 11:18 am
-
2024-10-26 10:51 am
-
2024-10-26 9:55 am
-
2024-10-25 10:55 am
කෝටි 500ක පිරමීඩ ජාවාරමක්
July 17, 2024 - 12:51 PM
අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500කට අධික මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාස්ට්වින්ග් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට විදේශගතවීම තහනම් කරමින් ගමන් තහනමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඊයේ (16) නියෝග කර තිබෙනවා.
එමෙන්ම ඔවුන් රටින් පිටව යෑමට සූදානම් වුවහොත් වහාම අත්අඩංගුවට ගෙන රහස් පොලීසියට බාර දෙන ලෙසත් ආගමන විගමන පාලකවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
තේ කොළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇතැයි කියන පිරමීඩාකාර මූල්‍ය ආයතනය මගින් මේ වන විට එහි මුදල් තැන්පත් කළ පුද්ගලයන්ගේ රුපියල් කෝටි 500කට අධික මුදලක් වංචා කර ඇති බව හෙළි වී ඇතැයි කියමින් රහස් පොලීසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර තිබෙනවා.
මෙලෙස විදෙස් ගමන් තහනම් පනවන ලද්දේ එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් බව කියන තරිඳු ජයනාත් රත්නායක, පතිරනලාගේ ජනක නිෂාන්ත, ලලිත් පුෂ්පකුමාර, රාජා දිනේෂ් කුමාර සහ හර්ෂ දිනේෂ් මධුශංක යන පස් දෙනාටයි.
මොවුන් 20% බැගින් මුදල් යොදවා පාස්ට්වින්ග් පෞද්ගලික සමාගම ආරම්භ කර ඇතැයි ද ඔවුන් සමාගමේ සියයට සියයක කොටස් හිමිකරුවන් බවද දැනුම් දුන් රහස් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තේ කොළ ව්‍යාපාරයක් තුලින් ප්‍රතිලාභ හිමිකරගත හැකි බව අඟවා එහි මුදල් ආයෝජනය කරන ලෙස දැනුම් දෙමින් මෙම පිරමීඩාකාර මූල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති බවයි.
මුලින් ඔවුන්ගේ පිරමීඩාකාර මූල්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වන පුද්ගලයාට ප්‍රතිලාභ ලබාගත හැක්කේ තවත් ආයෝජකයන් දෙදෙනෙකු හඳුන්වා දීමෙන් බව ඒත්තු ගැන්වීමෙන් මෙම පිරමීඩාකාර ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි ද ඔවුන් මේ වන විට රටින් පැන යාමට හැකියාවක් ඇති බැවින් ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාල විදෙස් ගමන් තහනම පැනවූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දීමට ද රහස් පොලීසියට නියම කරනු ලැබුවා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm