මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මැතිවරණ කොමිසමට

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා මැතිවරණ ‍කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති අවස්ථාවක දී මෙම හමුව සිදුවෙනවා.

මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි රැසක් මේ වනවිටත් මුද්‍රණයට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10ක් .

එම මුදල් සපයා ගැනීම ඇතුළු ජනාධිපතිවරණය සඳහා වැය වන මුදල නිසි කලට මහා භාණ්ඩාගරයෙන් මුදා හැරීම සම්බන්ධයෙන් මෙහි දී කරුණු සාකච්ඡා කරනවා.

මැතිවරණයට අදාළව රාජයේ මුද්‍රණාලයාධිපතිනිය,පොලිස්පතිවරයා හා තැපැල්පතිවරයා ද පසුගිය දා මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කර තිබුණා.

තව ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසම හමු වුණා.

ඒ අනුව ජනාධිපතිවරණය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.