කොමිෂන් සභා වාර්තාව අද ජනපතිට

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට‍ නියමිතව තිබෙනවා.

වාර්තාව පිටු 130කට අධික සංඛ්‍යාවකින් සමන්විත බව කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළා.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනි දා පත් කළ එහි නිල කාලය පසුගිය මස 30 වැනි දායින් අවසන් වුණා.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ එම කොමිසමේ සාමාජිකයින් 19දෙනෙක් සිටිනවා.

කොමිසම විසින් ජනතාවගෙන් හා සිවිල් සංවිධානවලින් අදහස් ලබා ගැනීම සිදු කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනය කිරීම්වලින් අනතුරුව එහි අවසන් වාර්තාව සකස් කර තිබෙනවා.