බස් රථයක් ප්‍රපාතයට

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 14දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදු වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.