තොන්ඩමන්ගේ රතු කට්ට පනී

නුවරඑළියේදී පැවති පාසල් දරුවන්ට ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනකදී ප්‍රධාන ආරාධිත කතාව තමන්ට ලබා නොදුන්නේ යැයි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කෝපයට පත් වී තිබෙනවා.

මේ හේතුවෙන් අමාත්‍යවරයා සහ එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රමේශ්වරන් මහතා උත්සවය අවසන් වීමට ප්‍රථම ඉන් ඉවත්ව යාමට කටයුතු කළා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල පැවැත්වෙන අතර එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 4900කට මෙම ශිෂ්‍යත්වය ලබා දීමට නියමිතයි.

අදාළ උත්සවයේදී ප්‍රධාන ආරාධිත කතාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කෝපයට පත්ව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව සඳහන්.