තීක්ෂණගෙන් පරිත්‍යාගයක්

2024 LPL තරගාවලියේ 16 වැනි තරගයේ වීරයා බවට පත් වූ Galle Marvels කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ විසින් සිය තරගයේ වීරයාට හිමි ත්‍යාගය පිළිකා අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

පසුගිය ඉරිදා (14) Dambulla Sixers සහ Galle Marvels අතර පැවැත්වුණු මෙම තරගයේ දී මහීෂ් තීක්ෂණ විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර එහිදී ඔහු කඩුලු 3ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සම්මානය ද දින ගැනීමට සමත් වුණා.

එම දිනය LPL තරගාවලියේ Pink Day ලෙස නම් කරමින් පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වෙන් කර තිබීමද විශේෂත්වයක්.