නිධන් හොරකමේ ගිය හතරක් දැලේ

නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු නිධන් හෑරීමට භාවිතා කල උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ දී නිධන් ලබා ගැනීම සඳහා කැණීම් සිදු කරමින් සිටින අවස්ථාවකදී බවයි පොලිසිය වැඩි දුරටත් පැවසුවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිරිවෙනක හිමි නමක් හා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙක්.