ඡන්දෙ කල්දැම්මොත් ලේ වැගිරීම් වෙයි - මෛත්‍රීපාල සිරිසේන

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ (16) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ඡන්දය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සදහන් කළා.