කාර් බයික් එකට ගැටී තරුණයෙක්ට දිවි අහිමිවෙයි

ගල්ගමුව පොලිස් වසමේ ගල්ගමුව ආණමඩුව මාර්ගයේ පළුකන්දෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා..

ආණමඩුව දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය වූ කාර් රථයක් ඊ‌ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා. ගල්ගමුව පොලීසිය වැඩිදුර මේ සම්බන්දව විමර්ශන සිදුකරනවා.