රුසියාව සහ යුක්‍රේනය අතර යුධ සිරකරුවන් හුවමාරුවක්

රුසියාව සහ යුක්‍රේනය යුධ සිරකරුවන් 90 දෙනෙකු හුවමාරු කර ගැනීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

මෙම ගනුදෙනුවට පහසුකම් සපයා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් බව සඳහන් වෙනවා.

පසුගිය සතියේ යුක්‍රේන මාධ්‍ය වාර්තා කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ඇතිව රජය ඉක්මනින් රුසියාව සමඟ සිරකරුවන් හුවමාරුවක් සැලසුම් කරන බවයි.

රුසියාව සිය කුඩා අසල්වැසියා ආක්‍රමණය කිරීමෙන් පසු ආරම්භ වූ මාස 27 ක් පුරා පවතින යුද්ධයේ දී රුසියාව සහ යුක්‍රේනය සිරකරුවන් හුවමාරු කිහිපයක් සිදු කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින්ම පහසුකම් සැපයූ පසුගිය ජුනි මාසයේ සිදු කළ හුවමාරුවේදී, රුසියාව සහ යුක්‍රේනය සිරකරුවන් 90 බැගින් ආපසු භාර දී ඇති බව සඳහන්.