මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මෝදර අලුත්මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ අංශය මඟින් මෙම වැටලීම සිදුකළා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 76ක් සොයාගෙන තිබුණා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර අලුත්මාවත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවා.