ඝාතනය වූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 41ක් හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ ධම්මික නිරෝෂන් නම්  අදාළ පුද්ගලයා 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් බව සඳහන්.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද ඔහු විසින් දරා තිබෙනවා.