මට මොනවාද කරන්න පුළුවන් කියලා මම දන්නවා - වනිඳු

භාහිරෙන් එන අභියෝග ක්‍රීඩාවට බාධාවක් කරගන්නේ නොමැතිව තම උපරිම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස හිටපු ක්‍රිකට් නායක වනිඳු හසරංග පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමඟ ඊයේ (15) පැවැති තරගය ජයගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

“තමන්ගේ ජීවිතයේ ඔනෑම කෙනෙකුට අපහසු කාලයක් එන්න පුළුවන්. මම හෙමින් හෙමින් දවසින් දවස ඒවාට මුහුණ දෙනවා. මට මොනවාද කරන්න පුළුවන් කියලා මම දන්නවා. මම දන්නවා, මොනවාද කරලා තියෙන්නේ කියලා. ක්‍රීඩකයෙක් විදිහට පිටින් එන අභියෝග මගේ ක්‍රීඩාවට බාධාවක් කරගන්නේ නැතිව, මට ක්‍රීඩාවෙන් කරන්න පුළුවන් දේ මොකක්ද මම ඒක කරන්න තමා නිතරම කල්පනා කරන්නේ. මේකට මට ලොකු කන්ෆිඩන්ස් එකක්. මේ තරගාවලියට විතරක් නෙවෙයි. ඊළඟ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන තරගාවලිවලටත් මේක ලොකු කන්ෆිඩන්ස් එකක්. මොකද මම මේ තරගාවලියේ ලොකුවට දක්ෂතා දැක්වූයේ නැහැ. මුල් තරගවල. අවසන් තරගයේ හරි මෙහෙම දක්ෂතා දක්වලා කන්ෆිඩන්ස් එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් එක ගැන ගොඩාක් සතුටුයි. මොකද, ගිය අවුරුද්දේ තරගාවලියේ වැඩිම ලකුණු, වැඩිම විකට් අරන් තරගාවලියේ වීරයා වෙලා, මේ අවුරුද්දේ දක්ෂතා දක්වන්න බැරි වුණ එක ගැන ගොඩාක් කණගාටුයි.”