විජේට 50යි: ලාංකීය සිනමා රසවතුන්ට දමිළ සිනමාව වඩාත් සමීප කළ සුපිරි තරුව

ලාංකීය සිනමා රසවතුන් 'දමිළ සිනමාවට' බොහෝ සෙයින් සමීප වෙන්න එක හේතුවක් 'විජේ'

ලංකාවේ එහෙම වෙද්දි, ගෝලීය වශයෙන් ඔහු ලබන රසික ආදරය ද අසීමිතයි.

ඒ කියන්නෙ විජේ 'ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක්වෙන සුපිරි තරුවක්'

මෑත කාලීනව විජේ ගැන වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තෙ, ඔහුගේ දේශපාලන ගමනත් එක්ක.

වෘත්තීයමය වශයෙන් 'විජේ' හැටියට ජනප්‍රිය වුවත්, ඔහුගේ සැබෑ නම වෙන්නෙ 'ජෝසප් විජේ චන්ද්‍රසේකර්'

ඉතින්, අද මේ සුපිරි තරුවට හරි විශේෂ දවසක්. ඒකට හේතුව, අද (22) ඔහුගේ උපන්දිනය.

හරියටම කිව්වොත් විජේ මේ සමරන්නේ සිය 50 වැනි උපන්දිනය.