ගෝඩුන්න මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අධ්‍යාපන උපකරණ පරිත්‍යාගයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ආසනයට අයත් ගෝඩුන්න මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අධ්‍යාපන උපකරණ ලබා දීම සිංගප්පූරුවේ රොටරි සමාජයේ ධන පරිත්‍යාගයෙන් සිදුවිණ.
සාමා ලෝක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අධිපති ආචාර්ය පූජ්‍ය බොකන්වරුවේ දේවානන්ද නාහිමි මූලිකත්වයෙන් පැවති මෙම උත්සවය උදෙසා විදෙස් දූත පිරිසක්ද සහසම්බන්ධ විණ.