පූජ්‍ය මුත්තේට්ටුපිට විමලකිත්ති ස්වාමීන් වහන්සේට සානු නායක කාරක මහා සංඝ සභාව මගින් ගෞරව නාමයක්...

මහා විහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානු නායක කාරක මහා සංඝ සභාව මගින් ධර්ම කීර්ති ශ්‍රී නන්දාලෝක යන ගෞරව නාමය සහිතව සබරගමුව පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ශ්‍රී විමලාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති පූජ්‍ය මුත්තේට්ටුපිට විමලකිත්ති ස්වාමීන් වහන්සේ වෙත පිරිනැමීම කෝට්ටේ රජමහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී පසුගිය දා සිදුවුණා.

ඒ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර නාහිමි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අග්ගමහා පණ්ඩිත කොටපිටියේ ශ්‍රී රාහුල අනුනායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ගිහි කාරකාදිකාරීන්ගේ ද සහභාගිත්වයෙන් සිදුවුණා.