සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද

සුන්දර වෙරළ තීරයක්, ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙනවා.

මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124කදී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන උදෑසන 8.00 සිට 11.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.