හැත්තෑතුන් විය සපුරන දේවාලේගම ධම්මසේන නාහිමිගේ ශාසනික සේවය

අවිච්චින්න වූ සම්බුදු සසුනෙහි දක්ෂිණ ලංකාවේ වේහැල්ලේ සඝ පරපුරෙහි නූතන සංඝ නේතෘවරයන්
වහන්සේලා අතර ඉහලින්ම දීප්තිමත්ව වැඩසිටින්නා වූ සග සලකුණ, ශ්‍යාමෝපලී වංශික මහා නිකායේ
මල්වතු විහාර පාර්ශවයේ මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප‍්‍රධාන සංඝනායක මාගේ
ගුරුදේවෝත්තම ආචා© දේවාලේගම ධම්මසේන නාහිමිපාණන් වහන්සේට පළමුවෙන්ම නිදුක් නීරෝගිමත්
සුබ ජන්මදිනයක් වේවායි ප‍්‍රාර්ථනය කරන්නේ ඉමහත් වූ භක්ත්‍යාදරයෙනි. තථාගත බුදුරදුන්ගේ තුන්වන
ලංකාගමනයත් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ අසිරිමත් මහින්දාගමනය තුළින් දක්ෂිණ ලංකාවේ බුදුරදුන්
වැඩියා වූ එකම පුණ්‍යභූමිය ලෙස ඓතිහාසික තිස්සමහාරාම මහා විහාරය ඒකාලෝක වන්නට නූතන
නායකත්වය සපයන්නේ අප ගුරුදේවෝත්තම නාහිමිපානෝය. උන්වහන්සේගේ අප‍්‍රතිහිත ධෛර්යයත්,
දුරදක්නා නුවණත්, සාසනික දායාදයත් හා යුග මෙහෙවරත් නිසාවෙන් උන්වහන්සේ යුගයේ භික්ෂු
පරපුරෙහි දකුණු සිරිලක සංඝ නායකත්වය සපයමින් සිදුකරන්නේ භාර¥ර ශාසනික මෙහෙවරයි.
දශක හයකට වඩා වැඩි වූ උතුම් ශාසනික මෙහෙවරෙහි මූලාරම්භය සනිටුහන් වන්නේ වර්ෂ 1965 දීය.
එනම් දෙනගම කැබැල්ලකැටිය සිරිවිජයාරාම විහාරස්ථානයේ දී උතුම් ප‍්‍රවෘජාභූමියට පත් වූ උන්වහන්සේ
වර්ෂ 1952 දී අදවන් දිනක ජන්මලාභය ලැබීය. විජේරත්න වීරබද්දන මෙන්දියස් ආදරණීය පියතුමත්
රුබසිංහගේ ඩිංගිහාමි මවුතුමියත්, දෙමාපියන් ලෙස ස්වකීය පුත‍්‍රයාණන්ට සාසනික දායාදය ලබා දෙන්නට
තෝරාපත් කරගන්නා ලද්දේ දෙනගම කැබල්ලකැටිය සිරි විජයාරාමාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය ගොඩපිටියේ
පේමරතන හා හක්මන පඤ්ඤාලෝක යන ආදි කතෘ මහා යතිවරයන් වහන්සේලාගේ ශිෂ්‍යභාවය යටතේය.
දුෂ්කර හා කටුක කාලසීමාවක ආභාෂය ලබමින් ස්වකීය පැවිදි දිවියේ මංපෙත් ශාසනික අධ්‍යාපනය තුලින්
විවර කරලන්නට වෙහෙසුණු නාහිමිපාණෝ කොළඹ හුනුපිටිය ගංගාරාම ශ‍්‍රී ඥානේස්වර පිරිවේණස්තානය
මෙන්ම පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙණ් විහාරස්ථාන තුලින් මූලික අධ්‍යාපන කෞශල්‍යය ඔප්නංවා
ගැනීමට පොහොසත් වීය. සාමණේර පැවිදි දිවියෙහි ශාසනික යුතුකම් මනාව ඉටුකොට වර්ෂ 1973 දී
මහනුවර මල්වතු මහා විහාර උපෝෂථාගාරයේ දී අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද මල්වතු
මහනාහිමිපාණන් වහන්සේගෙන් තම උපසම්පදා සීලය සනිටුහන් කරන්නට උන්වහන්සේ භාග්‍යවන්ත විය.
භික්ෂුවකගේ පැවිද්දෙහි අගය මනා ශික්ෂණය හා නිසි අධ්‍යාපනය තුළින් ඒකාලෝක වන නිසාවෙන්ම
නාහිමිපාණෝ තමන් වහන්සේගේ මූලික උපාධිය 1977 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලය තුළිනුත්, දර්ශනපති
උපාධිය කැළණිය විශ්ව විද්‍යාලය තුළිනුත් සනිටුහන් කර ගන්නට උත්සුක වූහ. එහිදී බෞද්ධ සාහිත්‍ය
දර්ශනය හා බෞද්ධ ශිෂ්ටාචාරය යන කාලීන විෂයධාරාවන්ට මූලිකත්වය ලබාදෙමින් එහි විෂය
පරතෙරයන්ට පත්ව සිටි ශ්‍රේෂ්ඨ ඇදුරන් වූ මහාචා© ගතාරේ ධම්මපාල හිමිපාණන්, මහාචා© චන්දිම
විජේබණ්ඩාර මෙන්ම මහාචා© ආ©පාල පෙරේරා යන වියතුන්ගේ ඇසුර ලබන්නට භාග්‍යවන්ත වීය. තවද
අධ්‍යාපනයේ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් ඉන්දියාවේ බෙනාරිස් හින්දු විශ්ව විද්‍යාලයට අනුයුක්තව
කටයුතු කරමින් එහිදී ආචාර්ය උපාධිය වෙනුවෙන් තම ශාස්ත‍්‍ර ඤාණයන් ඔප්නංවා ගැනීමට නාහිමිපාණෝ
කටයුතු සිදු කළහ.
අප ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේ ඉන්දියාව තුළදී ආයාසයෙන් ලබා ගත්තා වූ විශ්ව
අධ්‍යාපනයත්, පන්නරයත් තුළින් තම දිවියේ ශාසනික මෙහෙවර ලෝක ව්‍යාප්තව ආරම්භ කරන්නට
වෙහෙසුණහ. එහි ප‍්‍රතිඵලයන් හැටියට වර්ශ 1987 දී උන්වහන්සේ කටුකත්වය හා පීඩාවන්ගෙන් පිරුණා වූ
අප‍්‍රිකානු කලාපයේ තමන්වහන්සේගේ ශාසනික මෙහෙවර දියත් කරන්නට සිතිවිලි මෙහෙයවීම පවා
ප‍්‍රසංසනීයයි. මක්නිසාදයත්, එකල එය ශ‍්‍රී ලාංකික භික්ෂු පරපුරෙහි විරල හා උඩුගම්බලා පියමං කලා වූ
සුවිශේෂී ලක්ෂණය අප නාහිමිපාණන් වහන්සේ සතුවීමයි. එහිදී අප‍්‍රිකානු කලාපයේ ටැන්සානියාව හා
බොට්ස්වානා මූලික කොට ගනිමින් බෞද්ධ ධර්ම ප‍්‍රචාරීය කටයුතු කල නාහිමිපාණන් වහන්සේ අප‍්‍රිකානු
කලාපයේ වැසියන් උතුම් පැවිදි දිවියට පත්කරවමින් අවශ්‍ය කරන්නා වූ මූලික පදනම ගොඩනැංවන්නට
යෙදුනි. එමෙන්ම වෙහෙර විහාර ගොඩනැගීම, බෞද්ධ සංගම් පිහිටවීම්, මෛත‍්‍රී හා බෝධිරෝපණයන්
සිදුකිරීම් වැනි සුවිශාල වූ ශාසනික මෙහෙවරත් ගණනාවක් නාහිමිපාණන් වහන්සේගේ කාලය, ශ‍්‍රමය හා
ධනය කැප කරමින් සිදු කිරීමට උන්වහන්සේ නිර්ලෝභී වූහ.
ආචාර්ය දේවාලේගම ධම්මසේන අප ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේ අප‍්‍රිකානු කලාපීය සුවිශේෂී
ශාසනික කාර්යභාරයෙන් අනතුරුව එංගලන්තයේ බර්නින්හැම් බෞද්ධ මධ්‍යස්ථානය ගොඩනැගීමේදී
අවශ්‍ය කරන්නා වූ අවවාද අනුශාසනා ලබාදීමට උත්සුක වූහ. ඉන් අනතුරුව සිංගප්පූරුවට වැඩම කරමින්
බෞද්ධ මධ්‍යස්ථානයේ ස්වකීය සේවය ලබාදෙමින් වේරගොඩ සාරද මා හිමිපාණන් වහන්සේ සමඟ
බෞද්ධ භාවනා ක‍්‍රම ආදී බොහෝ විශේෂේත‍්‍රයන් පිළිබඳව බොහෝ ජනයාට ඒ තුළින් ආගමික මෙහෙවර
සිදු කරන්නට යෙදුණි. ඉන් අනතුරුව මැලේසියාව,තායිවානය වැනි රාජ්‍යයන් වෙත වැඩම කල
උන්වහන්සේ සලකියයුතු කාලසීමාවක් ඒ ඒ රාජ්‍යයන්හි වැඩ හිදිමින් කටයුතු සිදුකරන්නට තම පැවිදි දිවිය
මෙහෙය වන්නට වගබලා ගත්තේය. කොතෙකුත් ලෝක සාසනික මෙහෙවරෙහි වැඩ කටයුතු සිදුකළත්
තමන් වහන්සේට ස්වකීය විහාරස්ථානය වූ දකුණු සිරිලක බුදුරදුන් වැඩියා වූ තිස්සමහාරාම මහා සෑ
රදුන්ගේ පිහිට ලබන්නා වූ මහා විහාරයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සිදු කරන්නට තිබූ
භාර¥ර වූ වගකීම සිහිපත් කරවමින් රෝගාතුරව වැඩසිටි තමන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ
උදෙසා ඇපඋපස්ථාන සිදුකිරීමට 90 දශකයේ අවසන් භාගය තුල මව්බිමට වැඩම වන්නට යෙදුණි.
ගුරු ගෞරවයත්, සාසනික මෙහෙවරත්, භාර¥ර වගකීමත් එක මිටකට එක් කළාවූ අප නාහිමිපාණන්
වහන්සේ තම ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු වර්ෂ 2000දී තිස්සමහාරාම
මහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්විය. එතැන් පටන් ලෝක ශාසනික සේවය තුළින් ලැබුවා වූ
පන්නරයත් ඒ තුළින් ලැබුවා වූ ආභාෂයත් එකට කැටි කොට ගනිමින් දක්ෂිණ ලංකාවේ මහා විහාරය
හැටියට තිස්සමහාරාම මහා විහාරය ගොඩනංවන්නට දිවා ? නොබලා ස්වකීය පැවිදි දිවිය මෙහෙය
වන්නට කටයුතු ආරම්භ කලේය. තමන් වහන්සේ ලැබුවා වූ ධුරයෙහි ඇති වගකීම මනාව තේරුමගත් අප
නාහිමිපාණන් වහන්සේ පළමු හා ඉක්මන් අවශ්‍යතාවය වූ ගරා වැටුනාවූ මහ වෙහෙර ප‍්‍රතිසංස්කරණය
කිරීමට අවශ්‍ය කරන්නා වූ පුරාවිද්‍යා උපදෙස් ලබා ගනිමින් එවකට රුහුණු කතරගම මහා දේවාලයේ හිටපු
බස්නායක නිලමේ තැන්පත් යසසිරි කස්තුරිආරච්චි මැතිතුමන් සමඟ ඒකාබද්ධව එතුමානන්ගේ ධන
පරිත්‍යාගය තුළින් සුවිශාල වූමහා මහසෑය ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරන්නට යෙදුණි. එහි
ප‍්‍රතිඵලයක් හැටියට වර්ෂ 2003 දී මල්වතු මහා විහාර අනුනායක අඹන්වැල්ලේ පඤ්ඤාසේකර අනු
නාහිමිපාණන් වහන්සේ හා එවකට අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන
රාජ්‍යපාලක ප‍්‍රභූන්ගේ සම්බන්ධතාවය ගොඩනගාගනිමින් බොදු මහා ජනයාගේ වන්දනාව උදෙසා
තිස්සමහාරාම මහ සෑය වර්ශ 2003 පොසොන් පුර පසලොස්වක පොහෝදින සම්බුදු සසුනට දායාද
කිරීමේ පුරෝගාමීත්වය ගෙන කටයුතු කළේය.
ඉන් අනතුරුව, සිව් බුදුවරයන් වහන්සේලාගේ වැඩමවීම සිහිපත් කරනු පිණිස තිස්සමහාරාම මහා සෑය
වටා බෝධි ප‍්‍රාකාරයන් හා බුද්ධ ප‍්‍රතිමාවන් තැන්පත් කරමින් සිව් කොනෙහි මහසෑය අලංකාරවත්
කරන්නට නාහිමිපාණෝ කටයුතු සිදු කළහ. එමෙන්ම ප‍්‍රාර්ථනා බුද්ධ මන්දිරය කරවමින්, සීමා මාලකයේ
ප‍්‍රතිසංස්කරණය කරවීමටත් සංඝාවාසයන් ප‍්‍රතිසංස්කරණය කරමින් නව මානයන් එක් කොට විහාරස්ථානය
වැඩි දියුණු කිරීමට උන්වහන්සේ වෙහෙසිනි. තවද බොහෝ පොදු පහසුකම් සහිත ගොඩනැගිලි ඉදිකරමින්
නව ධාතු මන්දිරයක් හා බුද්ධ මන්දිරය ඉදිකිරීමට පුරෝගාමීත්වයෙන් කටයුතු කරන නාහිමිපාණෝ, සියලු
අංගෝපාංගයන්ගෙන් සමන්විත නව ගිනිහල් ගෙය ගොඩනැංවූයේ ද මහා විහාරයේ මූලිකාංග
පරිපූර්ණත්වයට පත්කිරීමේ අභිලාෂියෙනි. විශේෂයෙන්ම එම කාල සීමාවේදීම රෝහණයේ පැරණිතම
දාගැබ වූ සඳගිරි මහා සෑය කාලයේ වැලිතලාවෙන් විනාශ මුඛයට පැවතියා වූ සමයේදී සුවිශාල වූ
ප‍්‍රතිසංස්කරණයන් සිදුකරමින් සඳගිරි මහා සෑය පරිපූර්ණ වූ මහා සෑයක් හැටියට ගොඩනැංවීමට විහාර
කර්මාන්තාදිය සියල්ලක්ම මධ්‍යම සංස්කෘතික අරමුදල හා එකතුව එහි මූලිකත්වය හා අනුශාසකත්වයෙන්
කටයුතු සිදු කළේ නාහිමිපාණන් වහන්සේගේ පැවතියා මතු සාසනික හැගීම පෙන්නුම් කරමිනි. නූතන
තිස්සමහාරාම පොසොන් මහා පුණ්‍යෝත්සවය හෙළයේ මහා කලා මංගල්‍යය දකුණු සිරිලක සංකේතය
ලෙස පෙරහර මංගල්‍යය තුළින් ඒකාලෝක කරන්නටත් මාසයක් පුරාවට සද්ධර්ම දේශනාවන් පවත්වමින්
සතියක් පුරාවට සති පිරිත් දේශනා පවත්වමින් අනේකවිධ වූ පුණ්‍ය ධර්මයන් සිදු කරමින් ආමිස
පූජාවන්ගෙන් ඒකාලෝක වන පින්කම් මාලාවක් තුළින් පොසොන් මහා පුණ්‍යෝත්සවය විචිත‍්‍රවත්
කරන්නට අප නාහිමිපාණන් වහන්සේ සිදු කරන්නා වූ කැපවීම හා අධිෂ්ඨානශීලී ප‍්‍රායෝගිකත්ව
ක‍්‍රියාපිලිවෙත පැසසිය යුතුමය.
අනුන්ගේ දුකේ දී හද කම්පාවන තරම් කරුණා ගුණයක් ඇති අප නාහිමිපාණන් වහන්සේ වර්ෂ 2004 දී
ඇති වූ සුනාමි ඛේදවාචකයේ දී කිරින්ද ප‍්‍රදේශයේ ඇතිවුණු විවසනය නෙතින් දුටු නිසාවෙන්,
තායිවානයයේ නන්ලින් භික්ෂුණී ආරාමය හා සමීපව කටයුතු කරමින් අවතැන් වූ පවුල් 50ක් සදහා අවශ්‍ය
වූ තාවකාලික හා ස්ථීර නිවාස අලංකාර ලෙස නිමාකොට විහාරස්ථානයක් සහිත අංගසම්පූර්ණ
ගම්මානයක් කරවූයේ සුවිශාල සාසනික මෙහෙවරෙහි තමන්වහන්සේගේ කෞශල්‍යය ලෝකයටම
ආදර්ශමත්ව පෙන්වා දෙමිනි. එලෙසින් අප ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළා වූ
ජාතික ආගමික සාසනික හා සාමාජීය සුවිශාල සේවාවන් දුටු මල්වතු මහා විහාර මහනාහිමිපාණන්
වහන්සේ ඇතුළු සංඝ සභාව උන්වහන්සේ උදෙසා මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර දිසාවේ
ප‍්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීය. ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහා විහාරයේ කාවන්තිස්ස මහ
පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මෙන්ම අධ්‍යාපනය ලැබූ සියල්ලන්ට අවශ්‍ය වන්නා වූ අවශ්‍ය
පහසුකම් සපයා දෙමින් මහ පිරිවෙන සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකළේය. තවද යුගයේ සමාජීය
අවශ්‍යතාවයන් සපුරාලමින් ප‍්‍රදේශයේ ජීවත්වන දරු දැරියන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන්
කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව පාඨමාලාවන් ලෙස හෝටල් පාසල ගොඩනංවමින්
දේශන ශාලා සහිත නව්‍යතන තාක්ෂණික පන්තිකාමර ිප්රඑ ජක්ිිරදදප හදුන්වාදෙමින් ඔවුන්ගේ
ජීවිතයන්ට නව අපේක්ෂාවන් හා ආලෝකයන් එක්කරන්නට එහි අධ්‍යක්ෂක ධූරය දරමින් අනූපමේය
මෙහෙවරක් වත්මන දක්වා ඉටුකරන්නේය.
නිරන්තරයෙන් මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදු කිරීමට ඉතා කැමැත්තෙන් පසුවන
අප නාහිමිපාණන් වහන්සේ ලෝකය පුරා වෙලාගන්නට යෙදුණු කොරෝනා විවසනයේ දී තිස්සමහාරාම
පුරවරයේ පවුල් දෙදහසකට වැඩි පිරිසකට වියළි සලාක බෙදා දෙමින්,දුප්පත් පාසල් දරුවන් දෙදහසක්
සඳහා පොත්පත් ලබාදෙමින් මාස දෙකක කාලසීමාවක් ආහාර දන්සලක් පවත්වා යමින් එම කාලසීමාවේදී
අසරණ වූ ජනයාට පිහිට වූයේ බොහෝ දෙනෙකුට උතුම් ආදර්ශයක් ලබාදෙමිනි. තවද කොරෝනා
ව්‍යසනයෙන් අසරණත්වයට පත් වූ මිනිසුන් උදෙසා ජනාධිපති අරමුදල වෙනුවෙන් ලක්ෂ පහළොවක
මුදලක් එකල ජනාධිපතිවරයා වෙත පිරිනැමීම ද උන්වහන්සේ සිදු කළා වූ නිර්ලෝභී දාන පරිත්‍යාගයන්
අතරින් එකකි. තවද තමන් වහන්සේගේ ජන්ම දිනයන්හිදී අසරණවූවන්ට පිළිසරණ වෙමින් වියළි සලාක
ලබා දෙමින්,¥ දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා පොත්පත් ප‍්‍රදානය කිරිිමද, එමෙන්ම මරණයට කැප වූ
ගවයන් නිදහස් කරමින් අභය දානයදීමේ මහා පුණ්‍යකර්මයන්ද නාහිමියන් වාර්ෂිකව සිදුකරනු ලබයි.
විශේෂයෙන්ම නාහිමිපාණන් වහන්සේගේ හැත්තෑවන ජන්ම දිනයේදී උන්වහන්සේ ප‍්‍රවෘජා භූමියට පත් වූ
හක්මන දෙනගම සිරිවිජයාරාම විහාරස්ථානයේ මූලික අවශ්‍යතාවයන් වූ චෙත්‍ය රාජයාණන් වහන්සේ, හා
සංඝාවාසය ගොඩනංවමින් සම්බුදු සසුනට දායාද කලේය. එහි මූලිකත්වය ගෙන කටයුතු සිදුකරවූයේ
තිස්සමහාරාම සදගිරි උභය රාජමහා විහාරාධිකාරී ශාස්ත‍්‍රපති රිදියගම ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ
මැදිහත්වීමෙන් සිංගප්පූරුවේ දායක පිංවතුන්ගේ නොමසුරු දායකත්වයෙනි.
මෙවර ජනවාරි මස දහවන දිනට යෙදී පවතින අප ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේගේ 73 වන
ජන්මදිනයේදී දෙනගම සිරි විජයාරාම විහාරස්ථානයේ මූලික කොට ගනිමින් හැත්තෑ පස් නමක් වූ උතුම්
මහා සංඝරත්නය උදෙසා මහා සංඝගත දක්ෂිණාවක් ප‍්‍රමුඛ පුණ්‍යෝත්සවය නාහිමිපාණන් වහන්සේගේ
ශිෂ්‍ය පිරිස හා දෙනගම විහාරස්ථ දායක සභාව විසින් ඉටුකිරීමට සියලු කටයුතු සම්පාදනය කොට ඇත.
ඉන්දියාව හා අප‍්‍රිකාව වැනි ලෝක ශාසනික වශයෙන් සිදුකළා වූ විරල ගණයේ සේවාවන්ගෙන් ලැබූ
පන්නරයත්, ජාතික ආගමික හා දේශපාලන වශයෙන් ගොඩනඟා ගන්නට යෙදුණාවූ ස්වකීය නාමයත්,
යුගයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කාලීනව සිදු කළා වූ සමාජීය යුගමෙහෙවරත් යන සියල්ලක්ම කෙරෙහි
උපේක්ෂාවෙන් කටයුතු කරන්නා වූ අප ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේ, සෘජු ප‍්‍රතිපත්තියත්,
එඩිතර බවත්, අනතිමානි ගුණයත්, සියල්ලන්ටම සෘජුව අදහස් ප‍්‍රකාශ කිරීමත්, තනතුරු තානාන්තරයන්
කෙරෙහි පවත්නා නිරිලෝභීත්වය වැනි ශ්‍රේෂ්ඨ මානවධර්මයන් තම ජීවිතය පුරාවට සංඝ ශාසනය උදෙසා
මනා ආදර්ශයන් සපයන්නේය.
තවත් චිරාත් කාලයක් නාහිමිපාණන් වහන්සේගේ සේවය මෙරට ලක්වැසි බොදුනුවන් මෙන්ම
සියලූවැසියන්ට ලබාදීමට මාගේ ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය
සමඟින් චිර ජීවනය උදාවේවායි ඉතා භක්ත්‍යාදරයෙන් ප‍්‍රාර්ථනය කරන්නෙමි. - ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, ගෞරව ශාස්ත‍්‍රවේදී ගලගම ධම්මදින්න
හිමි -